පොල් තෙල් සතුව ඇත්තේ අනූපමේය ගුණාංගයන්
රැසකි. කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම,
ශරීර බර පාලනය කිරීම,ප්රතිශක්තිකරණ පද්ධතිය ප්රවර්ධනය කිරීම, පරිවෘත්තීය
ක්රියාවලිය සුමට කිරීම ආහාර ජීර්ණය නිසි ලෙස සිදු කිරීම යන යහගුණ රැසක් ඊට අයත්ය.
ඒ හැරැණු විට වකුගඩු රෝග, හෘද රෝග, අධිරැධිර
පීඩනය, දියවැඩියාව හා පිළිකා ආදී රෝග රැසකින් මිදීමට පොල් තෙල් වල ඇති යහගුණය හේතු
වේ. දත් සහ අස්ථි ශක්තිමත් කිරීමටත් පොල්තෙල් වලින් නොමද සහයෝගයක් ලැබේ.
ලෝරික් අම්ලය, කැප්රික් අම්ලය, කැප්රිලික්
අම්ලය ආදී පොල්තෙල් සතු වටිනා අම්ල නිසා මෙවන් වටිනා රෝග නිවාරණ ගුණ රැසක්
නිසගයෙන්ම පොල් තෙල් වලට උරැමය.
පොල් තෙල් නිසා හෘද රෝග ඇතිවන්නේය යන අතිශය
වැරදි මතයක් මේ වන විට සමාජගත වී තිබේ. එය සැබවින්ම විද්‍යාත්මකභාවයෙන් තොර මිත්‍යා
මතයකි. ඇතැම් විට මීට හේතුව වූයේ පොල් තෙල් වල විශාල වශයෙන් සංතෘප්ත මේදය අන්තර්ගත
වීම විය හැක.
සැබවින්ම පොල් තෙල් යනු හදවතට මිතුරැ තෙල්
වර්ගයකි. පොල්තෙල් වලින්
50 % ක්ම
අන්තර්ගත වන්නේ හදවතට මිතුරැ ලෝරික් අම්ලයෙනි. මේ ලෝරික් අම්ලය කෙලොස්ටරෝල් මට්ටම
පහත හෙළීමට උපකාරී වේ. පේෂර් එක පාලනය කරයි.
එළවලු තෙල් වල ඇති සංතෘප්ත මේදය ශරීරය තුළ
ඇති කරන යාන්ත්රණය මෙන් අහිතකර යාන්ත්රණයක් පොල් තෙල් නිසා බලගැන්වෙන්නේ නැත. එහ හානිකර ඛෘඛ කොලෙස්ටරෝල් මට්ටම මැඩලීමට
ක්රියා කරයි. රැධිරවාහිනි ආපදාවට පත් වීමෙන් ඇති වන ඇත්රොක්ලෙරොසිස් තත්ත්වය වළකාලයි.
කුරැණැගල මහ රොහලේ වෛද්‍ය නාලක රණසිංහගේ
ලිපියක් ඇසුරිණි.