Wednesday, November 7, 2018

එක එක විදියට හදන්න පුලුවන් මුරැංගා




මුරැංගා වල ගුණ


ආයුර්වේදයේ මුරැංගා වලට ලබා දි ඇත්තේ ඉතා වටිනා ස්ථානයකි. මෙහි පොතු,මුල්, බීජ, ප්රධාන වශයෙන් ඖෂධ පිණිස යොදා ගනී.

සිරැරේ ඇති වන වාතය නිසා කැක්කු සහ වේදනාව ඇති කරයි. මුරැංගා ආහාරයට ගැනීමෙන් එම තත්ත්වයන් නැතිකර ගත හැකිය. පණු රෝග සුව කිරීමේ හැකියාවද මුරැංගා සතු වේ. මුරැංගා හොද වේදනා නාශකයක් වේ. ආතරයිටිස් වැනි සන්ධි රෝග සදහා ද ගුණදායකය. 

සතියට දෙතුන් වරක් මුරැංගා ආහාරයට ගැනීමෙන් ගෙවී යන සන්ධි ආරක්ෂා කරගත හැකිය. මුරැංගා මදයේ තන්තු හා ඛණිජ ලවන බහුලය. පෝෂ්‍යදායි බවින් වැඩිය. එම නිසා සිරැරේ දුර්වල වීම්, ගෙවී යාම් සමග ඇති වන රෝග සුවපත් කරගැනීමට උපකාරී වේ.

මුරැංගා මදයේ කාම උත්තේජක ගුණයක් පවතී. පිරිමින්ගේ ශුක්රාණු මට්ටම ඉහළ නැංවීමට ද උපකාරී වේ. එමනිසා දරැවන් බලාපොරෝත්තු වන අය සතියයකට දෙතුන් වතාවක් කිරි දමා ව්‍යාංජයනයක් ලෙස මුරැංගා ආහාරයට ගැනීම වැදගත් වේ.

මුරැංගා හොද පණු රෝග නාශකයක් ද වේ. එම නිසා දරැවන්ට වරින් වර ලබා දීමෙන් එම තත්ත්වයන්ගෙන් වළක්වාගත හැක. අක්මාටද හිතකරය. බඩගින්න වැඩි කරයි.

මුරැංගා ආහාරයක් ලෙස සකස් කල හැකි විවිධ ක්රම


බහුලවම ආහාරයක් ලෙස යොදාගන්නේ මෙම ශාකයේ කරල්ය. එම කරල් කෑලි කපා පොල්කිරි යොද් සාදන හොද්ද ලංකාවේ ජනප්රියම කෑමක් වේ. නමුත් මුරැංගා විවිධ ආකාරයෙන් ආහාරයට ගත හැක.

මුරැංගා මිශ්ර එළවලුවක් ලෙස සකස් කර ගැනීමටද හැක. එමගින් එහි ඇති උෂ්ණාධික බව නැති කර ගැනීමටද හැක. දමිළ ජාතිකයින් වම්බටු, අර්තාපල්, මෑ කරල්, වට්ටක්කා, තක්කාලි ආදිය භාවිතා කරමින් මිශ්ර එළවලුවක් සාදා ගෙන තොසේ, පිට්ටු, ඉට්ලි, වැනි ද්රව්ය සමග ආහාරයට ගන්නේ එනිසාය. තරමක් පැසුණු මුරැංගා මදය හාල් මැස්සන් සමග තෙලෙන් බැදගත් විට රසවත් ආහාරයකි.

මුරැංගා කොළ ඉතා රසවත් මැල්ලුමක් ලෙස සාදා ගත හැක. එය ඉතා පෝෂණ ගුණයෙන් පිරි පලාවර්ගයකි. එහි කැල්සියම්, මැග්නීසියම්, යකඩ, සින්ක්, හා පොස්ෆරස් ආදි වැදගත් සංයෝගයන්ගෙන්ද සමන්විත වේ. 

විශේෂයෙන්ම නීරක්තිය මන්දපෝෂණය වැනි රෝග ඇති දරැවන්ට මෙම පලා වර්ගය නිතර ලබා දීමෙන් එම තතත්ත්වයෙන් ඔවුන් මුදා ගත හැක. දරැවන් පලාවක් ලෙස එය ආහාරයට ගන්නට අකමැති නම් එලවලු බතක් ලෙස එය පිලියෙල කර ගන්නත් පුලුවනි.

තවද මුරැංගා කොළ පවනේ වේලා ගෙන කුඩුකර ගෙන ආහාර ලබා දෙන විට තේ හැන්දක් දෙක්ක පමණ මිශ්ර කරන්න. මැල්ලුමක් ලෙස සකස් කරන විට තරමක් පොල් වැඩියෙන් එකතු කිරීමෙන් පණු රෝග වලින් ආරක්ෂා වීමට හැක.

දැල්ලන්, ඉස්සන්, කකුලුවන් ගෙන වෑංජන සාදන විට මුරැංගා පත්ර මිශ්ර කරගනීමෙන් එවායේ අධික ඌෂ්ණගතිය අඩු වන අතර රසයද වැඩි වේ. මුරැංගා පොතු ආහාර රසය වැඩි කිරීමට මිශ්ර කර ගැනීමට හැකිය.

අජීර්ණය වැනි රෝග වලදී ඇති වන අරැචිය නැති කර ගැනීමට තැම්බුන් හොද්දක් සාදා ගනිති. එය සාදා ගන්නේ කොත්තමල්ලි, සූදුරැ, මහදුරැ, ගොරකා, කුරැදු පොතු, ගම්මිරිස්, කරපිංචා, ලුණු සමග මුරැංගා පොතු කැබැල්ලක් හොදින් මිරිස් ගලේ අඹරා ජලය දමා පිස ගැනීමෙනි. එම තැම්බුන් හොද්ද බීමට හෝ බත් සමග ආහාරයට ගත හැක. මුරැංගා පොතු වල තිබෙන බැක්ටීරියා නාශක ගුණය නිසා උදරයේ පවතින මෙන් ආසාදන තත්ත්වයන් වැළකී යයි. 

මවක් දරැ ප්රසූතියෙන් පසුව ලබා දෙන හොද්ද සදහාද, මුරැංගා පොතු එකතු කිරීම අනිවාර්ය වේ.

Monday, November 5, 2018

මාරාන්තික වකුගඩු රෝගයෙන් ඔබත් ආරක්ෂා වන්න




වකුගඩු රෝග සම්බන්ධයෙන් අතීතයට වඩා වර්තමානයේ දී විශාල වශයෙන් අවධානයක් යොමු වී ඇත්තේ මේ වන විට ඊට ගොදුරැ වන රෝගින් සංඛ්‍යාව බහුල වීම නිසාය. ඕනෑම රෝගයක් වැළදී දුක් විදිනවාට වඩා ඉන් ආරක්ෂා වීම ඉතා වැදගත් වේ. ඒ සදහා ඔබට අවශ්‍ය දැනුම සපයා දීම මෙම ලිපියේ අරමුණයි. මේ සදහා උපදෙස් ලබා දෙනු ලබන්නේ වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතායි.

වකුගඩු නරක් වීමේදී ඇති වන රෝග ලක්ෂණ

  • මුහුණ අතපය ඉදිමීම
  • මුත්රා සමග පෙණ යාම
  • මුත්රා යාම අඩු වීම
  • හතිය
  • කෑම අරැචිය
  • ඔක්කාර ගතිය සහ සිහිමද බව
  • අධික නිදිමත ගතිය
  • ඇග කැසීම
  • අධිරැධිර පීඩනය
  • රක්තහීනතාවය


වකුගඩු රෝගය ඇතිවීමට බලපාන හේතු සාධක


වකුගඩු රෝගය ඇති වීම සදහා අංක ප්රධාන වශයෙන් හේතු වන්නේ දියවැඩියාවයි. නාගරික ප්රදේශ වල ජීවත්වන නාගරිකයන්ටත් මේ නිසා වකුගඩු රෝගය ඇතිවීමේ සීඝුතාව වර්ධනය වී තිබෙනවා.


දෙවනුව අධික රැධිර පීඩනය හේතු වී තිබෙනවා. තෙවනුව මුත්රා සමග ප්රෝටීන් පිට වීමේ තත්ත්වය හේතුවක් ලෙස හදුනාගෙන තිබේ. 

ඊට අමතරව පරම්පරාවෙන් පරම්පරාවට එන ආරය නිසාත් වකුගඩු රෝග නිරායාසයෙන් ම වැළදිය හැකියි.වකුගඩු වල ගල් ඇති වීම, ශරීරයේ තිබෙන වෙනත් රෝගවල බලපෑමෙන් ද්විතීයිකව වකුගඩු රෝගය ඇති වීම ආදි අප නොදන්නා හේතු කාරණා බොහෝමයක් වකුගඩු රෝග ඇති වීම සදහා හේතු සාධක වනවා. 

අනෙක් විශේෂිත හේතු කාරණාව වන්නේ උතුරැ මැද, වයඹ, ඌව පළාත්වල දීර්ඝ කාලයක් පුරා සාකච්ඡාවට බදුන් වන හදුනා නොගත් වකුගඩු රෝගයයි.

කුඩා දරැවන්ටත් වකුගඩු රෝග ඇති වීමේ අවධානමක් තිබෙනවා. ඒ අනුව දරැවන්ට නිතර ඇති වන මුත්රා ආසාදන හා මුත්රා නාළ වල ඇති වන අසමානතා ආදී තත්ත්ව සමග මුත්රා සමග ප්රෝටීන් පිටවන රෝගය නිසා වකුගඩු නරක් විමට ගොදුරැ විය හැකියි.

වකුගඩු රෝග වළක්වාගැනීමට ගත හැකි පියවර


  • ü  විශේෂයෙන්ම දියවැඩියා රෝගීන මාස 6 කට වරක්වත් Serum Creatinine , Urine, ACR පරීක්ෂණ සිදු කරගත යුතුයි. එමෙන්ම දියවැඩිය පාලනයක් , මනා රැධිය පීඩන පාලනයක් පවත්වාගත යුතුය.

    ü  පරම්පරාගත සහ පවුලේ සාමාජිකයන් අතර වකුගඩු රෝග ඇති අය වසරකට වරක්වත් වෛද්‍යවරයෙකු හරහා Serum Creatinine , UFR, USS/KUB     පරීක්ෂණ කරගැනීම


    ü  වකුගඩු රෝග ලක්ෂණ පිළිබද නිතර සැළකිල්ලෙන් සිටීම

    ü  වෛද්‍ය උපදෙස් වලින් තොරව වේදනා නාශක ඇතුලු බෙහෙත් වර්ග දීර්ඝකාලිනව ගැනීමෙන් වැළකී සිටීම.


    ü  මී උණ, සර්ප දෂ්ඨනය, කෘෂි රසායනික වර්ග වලිනි වකුගඩු වලට හානි විය හැකි බැවින් සැම විටම ඒවා වලක්වාගැනීමට ක්රියා කිරීම

    ü  ආහාර පාන වල ඇති සීනි, ලුණු, තෙල් හා කෘත්රීම රසකාරක ආදී ද්රව්ය පරිභෝජනය අවම කරගැනීම 

    ü  සැම විටම උසට සරිලන බව පවත්වාගෙන යාම

    ü  ඇන්ජියෝග්රෑම් හා IVP පරීක්ෂණ වලට පෙර Serum Creatinine පරීක්ෂණය කර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම

    ü  ඔබ නිරෝගී අයෙකු නම් දිනකට පිරිසිදු පානීය ජලය ලීටර් 2.5 – 3 පානය කරන්න
      

    ü  ශරීරයේ තිබෙන දීර්ඝකාලීන ලෙඩ රෝග නිසි ලෙස වෛද්‍ය උපදෙස් ඇතිව පාලනය කිරීම

ඔබ සිහිතබා ගත යුතු කරැණක් වන්නේ දියවැඩියාව සහ අධිරැධිර පීඩනය සදහා වෛද්‍යවරැන් නියම කරන ඖෂධ වලින් වකුගඩු වලට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි


ලක්බිම පුවත්පතේ පළවූ 
වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතාගේ ලිපියක් ඇසුරිනි.

Saturday, November 3, 2018

ඔබේ හිසට සහනයක් ගෙන දෙන අතුරැ ආබාධ නැති ස්වභාවික පොල් තෙල්





පොල් තෙල් ඔබේ හිසට ගැල්විය හැකි අනගිම ශීර්ෂ සත්කාරයයි. විශේෂයෙන්ම ලාංකිකයන් වගේම ඉන්දියානු ලලනාවන් හිස කෙස් සත්කාරකයක් ලෙස පොල් තෙල් බහුලවම යොදා ගනි. මුදල් දි වෙනමම කන්ඩිෂනර් ලබා ගැනීමට ඔබට අවශ්‍ය නැත. මන්ද පොල්තෙල් යනු හොදම ස්වභාවික කන්ඩිෂනර් වේ. පොල් තෙල් ගා හිස සම්භාහනය කිරීමෙන් ඔබට ලැබෙන  යහගුණය මෙසේ දැක්විය හැක.

  • කෙස් ගසේ ප්රෝටීන ක්ෂය වීම පොල් තෙල් මගින් වළකනු ලබන නිසා එමගින් ඔබේ හිස කෙස් ඝන ට වැඩේ.

  • කලුවන් දිගු දිදුලන වරලසක් ඔබට ලබා ගත හැකි

  • පොල් තෙල් මගින් කෙස් ගසෙහි හානි පූරණයට අවශ්‍ය ප්රෝටීන සැපයීම මගින් කෙස් ගස් වල වන හානි පූරණය කරයි

  • පොල් තෙල් ගා හිස සම්භාහනය කිරීම මගින් හිස් හොරි මර්ධනය වෙයි.

  • පොල් තෙල් සත්කාරය නිතරම ඔබේ හිසට ලබා දීමට හැකි නම් කෙතරම් වියළි හිසක වුවද උකුණන් සහ ලේඩින් වර්ධනය වීම වලක්වා ගත හැක.


ගෙදර සිද ගත් හෝ වෙළදපොලෙන් මිලදී ගත් ඉතා පිරිසිදු පොල් තෙල් හිසේ ගැල්වීමට වග බලා ගන්න. එසෙම් පොල් තෙල් හිසට දමා ඇගිලි තුඩු වලින් විනාඩි කීපයක් සම්භාහනය කිරීම තුළින් වඩා හොද ප්රතිඵල ඔබට ඉක්මනින් ලබා  ගත හැක.

Thursday, November 1, 2018

ක්ෂණික නූඩ්ල්ස් කන්නේ බලාගෙනයි...මේ රස ලෙසින් එන නූඩ්ල්ස් මාරයා


රස වෙසින් එන ක්ෂණික නූඩ්ල්ස් මාරයා..!


ක්ෂණික නූඩ්ලස් අද බොහෝ දෙනාගේ ආහාර වේල පිරිමසින ජනප්රිය ආහාරයක් බවට පත් වී තිබේ. නූඩ්ලස් රසකාකරකය ඒ පැකට්ටුවේම තියන නිසා එය පිළියෙල කිරිම ඉතා පහසුය. ඉක්මනින්ම ආහාරයට ගත හැක. මිලෙන් ද අඩුය. මේ කරැණු හේතුකොටගෙන අද බොහෝ දෙනා ආහාර වේල් පිරිමසා ගැනිමට ක්ෂණික නූඩ්ලස් පරිභෝජනයට ගනිත. මෙයින් ඔබේ කුසගින්න ඉක්මනින්ම නිවාගත හැක බැව් සැබෑය. නමුත් මේ ක්ෂණික නූඩ්ලස් පරිභෝජනයට ගැනීමෙන් ඔබට සිදු වන හානීය අතිමහත්ය. මේ ඒ පිළිබදව ඔබව දැනුවත් කිරීමට ගන්නා උත්සාහයක් ය.


ක්ෂණික නූඩ්ලස් සංස්කෘතිය ඉතා ප්රචලිත කොරියාවේ 2007 – 2009 තුල ජාතික සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යයනයක ප්රතිපල The Journal of Nutrition සගරාව මගින් ප්රකාශයට පත් කරන ලදි.

ක්ෂණික නූඩ්ලස් ආහාරයට ගැනීම නිසා කාන්තාවන්ට සිදුවන හානිය අතිමහත්ය. සතියට දෙවතාවක් ක්ෂණික නූඩ්ලස් අනුභව කරන කාන්තාවන් හට පරිවෘත්තීය සහලක්ෂණය නම් රෝගය ඇති වීම බෙහෙවින් ඉහළ නැංවෙන බව මෙයින් සොයා ගන්නා ලදි. පරිවෘත්තීය සහලක්ෂණය යනු එසේ මෙසෙ රෝගයක් නොවේ. එය ජීවිතය නිසැකෙයෙන්ම අවධානමේ හෙලන පහත සදහන් රෝග වල එකතුවකි.

·         අධිරැධිර පීඩනය
·         දියවැඩියාව
·         අධික කොලෙස්ටරෝල් සහ
·         උදරයේ මේදය වැඩි වශයෙන් තැන්පත් වීම

ඉහත රෝග වැළදීම නිසා හෘදයාබාධ, දියවැඩියාව සහ අංශභාගය වැනි දිවිය පුරා පවතින රෝග රෝග වලට නතුවීමේ අවදානම ඉහළ යයි.

ඉහත අධ්‍යයනයේ ප්රධාන සමායෝජක අචාර්ය හුවාං ජුන් ෂිං පවසන ආකාරයට පිරිමින්ට නූඩ්ලස් පරිභෝජනයෙන් වැළදෙන රෝග වලට අවාදානමකට ලක් නොවන්නේ පිරිමින් සහ ගැහැණුන් අතර තිබෙන ජෛව විද්‍යාත්මක වෙනස්කම් නිසා කියාය. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ලිංගික හෝමෝන වල ක්රියාකාරිත්වය ඇගේ මේ ඉහළ නැංවෙන බෝ නොවන රෝග අවදානමකට දායකත්වයක් සපයයි.

ක්ෂණික නූඩ්ලස් අසුරන්නේ ස්ටයිරෝෆෝම් ඇසුරැමකය.මෙහි ආකර්ශනීයභාවය තිබුනත් මෙම ඇසුරැම ඔබේ මාරය සැගව ඇති ඇසුරැමක් කිවුවොත් නිවැරදි වේ. මන්ද, මෙම ඇසුරැමෙයි බිස්ෆැනෝල් A නම් රසායනකික අන්තර්ගත නිසාය.

Sunday, October 28, 2018

පොල් තෙල් කන්න බය වෙන්න එපා.හෘද රෝග හැදෙන්නේ නෑ මෙන්න පොල්තෙල් වල නියම ගුණ බලය




පොල් තෙල් සතුව ඇත්තේ අනූපමේය ගුණාංගයන් රැසකි.  කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම, ශරීර බර පාලනය කිරීම,ප්රතිශක්තිකරණ පද්ධතිය ප්රවර්ධනය කිරීම, පරිවෘත්තීය ක්රියාවලිය සුමට කිරීම ආහාර ජීර්ණය නිසි ලෙස සිදු කිරීම යන යහගුණ රැසක් ඊට අයත්ය.

ඒ හැරැණු විට වකුගඩු රෝග, හෘද රෝග, අධිරැධිර පීඩනය, දියවැඩියාව හා පිළිකා ආදී රෝග රැසකින් මිදීමට පොල් තෙල් වල ඇති යහගුණය හේතු වේ. දත් සහ අස්ථි ශක්තිමත් කිරීමටත් පොල්තෙල් වලින් නොමද සහයෝගයක් ලැබේ.

ලෝරික් අම්ලය, කැප්රික් අම්ලය, කැප්රිලික් අම්ලය ආදී පොල්තෙල් සතු වටිනා අම්ල නිසා මෙවන් වටිනා රෝග නිවාරණ ගුණ රැසක් නිසගයෙන්ම පොල් තෙල් වලට උරැමය.



පොල් තෙල් නිසා හෘද රෝග ඇතිවන්නේය යන අතිශය වැරදි මතයක් මේ වන විට සමාජගත වී තිබේ. එය සැබවින්ම විද්‍යාත්මකභාවයෙන් තොර මිත්‍යා මතයකි. ඇතැම් විට මීට හේතුව වූයේ පොල් තෙල් වල විශාල වශයෙන් සංතෘප්ත මේදය අන්තර්ගත වීම විය හැක.


සැබවින්ම පොල් තෙල් යනු හදවතට මිතුරැ තෙල් වර්ගයකි. පොල්තෙල්  වලින් 50 %   ක්ම අන්තර්ගත වන්නේ හදවතට මිතුරැ ලෝරික් අම්ලයෙනි. මේ ලෝරික් අම්ලය කෙලොස්ටරෝල් මට්ටම පහත හෙළීමට උපකාරී වේ. පේෂර් එක පාලනය කරයි.

එළවලු තෙල් වල ඇති සංතෘප්ත මේදය ශරීරය තුළ ඇති කරන යාන්ත්රණය මෙන් අහිතකර යාන්ත්රණයක් පොල් තෙල් නිසා බලගැන්වෙන්නේ නැත.  එහ හානිකර ඛෘඛ කොලෙස්ටරෝල් මට්ටම මැඩලීමට ක්රියා කරයි. රැධිරවාහිනි ආපදාවට පත් වීමෙන් ඇති වන ඇත්රොක්ලෙරොසිස්  තත්ත්වය වළකාලයි.


කුරැණැගල මහ රොහලේ වෛද්‍ය නාලක රණසිංහගේ ලිපියක් ඇසුරිණි.