වකුගඩු
රෝග සම්බන්ධයෙන් අතීතයට වඩා වර්තමානයේ දී විශාල වශයෙන් අවධානයක් යොමු වී ඇත්තේ මේ
වන විට ඊට ගොදුරැ වන රෝගින් සංඛ්‍යාව බහුල වීම නිසාය. ඕනෑම රෝගයක් වැළදී දුක්
විදිනවාට වඩා ඉන් ආරක්ෂා වීම ඉතා වැදගත් වේ. ඒ සදහා ඔබට අවශ්‍ය දැනුම සපයා දීම මෙම
ලිපියේ අරමුණයි. මේ සදහා උපදෙස් ලබා දෙනු ලබන්නේ වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය
සංජය හෙයියන්තුඩුව මහතායි.
වකුගඩු නරක් වීමේදී ඇති වන රෝග ලක්ෂණ
- මුහුණ අතපය ඉදිමීම
- මුත්රා සමග පෙණ යාම
- මුත්රා යාම අඩු වීම
- හතිය
- කෑම අරැචිය
- ඔක්කාර ගතිය සහ සිහිමද බව
- අධික නිදිමත ගතිය
- ඇග කැසීම
- අධිරැධිර පීඩනය
- රක්තහීනතාවය
වකුගඩු
රෝගය ඇතිවීමට බලපාන හේතු සාධක
වකුගඩු
රෝගය ඇති වීම සදහා අංක ප්රධාන වශයෙන් හේතු වන්නේ දියවැඩියාවයි. නාගරික ප්රදේශ වල
ජීවත්වන නාගරිකයන්ටත් මේ නිසා වකුගඩු රෝගය ඇතිවීමේ සීඝුතාව වර්ධනය වී තිබෙනවා.
දෙවනුව
අධික රැධිර පීඩනය හේතු වී තිබෙනවා. තෙවනුව මුත්රා සමග ප්රෝටීන් පිට වීමේ තත්ත්වය
හේතුවක් ලෙස හදුනාගෙන තිබේ.
ඊට අමතරව පරම්පරාවෙන් පරම්පරාවට එන ආරය නිසාත් වකුගඩු
රෝග නිරායාසයෙන් ම වැළදිය හැකියි.වකුගඩු වල ගල් ඇති වීම, ශරීරයේ තිබෙන වෙනත් රෝගවල
බලපෑමෙන් ද්විතීයිකව වකුගඩු රෝගය ඇති වීම ආදි අප නොදන්නා හේතු කාරණා බොහෝමයක්
වකුගඩු රෝග ඇති වීම සදහා හේතු සාධක වනවා.
අනෙක් විශේෂිත හේතු කාරණාව වන්නේ උතුරැ
මැද, වයඹ, ඌව පළාත්වල දීර්ඝ කාලයක් පුරා සාකච්ඡාවට බදුන් වන හදුනා නොගත් වකුගඩු
රෝගයයි.
කුඩා
දරැවන්ටත් වකුගඩු රෝග ඇති වීමේ අවධානමක් තිබෙනවා. ඒ අනුව දරැවන්ට නිතර ඇති වන
මුත්රා ආසාදන හා මුත්රා නාළ වල ඇති වන අසමානතා ආදී තත්ත්ව සමග මුත්රා සමග ප්රෝටීන්
පිටවන රෝගය නිසා වකුගඩු නරක් විමට ගොදුරැ විය හැකියි.
වකුගඩු රෝග වළක්වාගැනීමට ගත හැකි පියවර
- ü විශේෂයෙන්ම දියවැඩියා රෝගීන මාස 6 කට වරක්වත් Serum Creatinine , Urine, ACR පරීක්ෂණ සිදු කරගත යුතුයි. එමෙන්ම දියවැඩිය පාලනයක් , මනා රැධිය පීඩන පාලනයක් පවත්වාගත යුතුය.ü පරම්පරාගත සහ පවුලේ සාමාජිකයන් අතර වකුගඩු රෝග ඇති අය වසරකට වරක්වත් වෛද්‍යවරයෙකු හරහා Serum Creatinine , UFR, USS/KUB පරීක්ෂණ කරගැනීමü වකුගඩු රෝග ලක්ෂණ පිළිබද නිතර සැළකිල්ලෙන් සිටීමü වෛද්‍ය උපදෙස් වලින් තොරව වේදනා නාශක ඇතුලු බෙහෙත් වර්ග දීර්ඝකාලිනව ගැනීමෙන් වැළකී සිටීම.ü මී උණ, සර්ප දෂ්ඨනය, කෘෂි රසායනික වර්ග වලිනි වකුගඩු වලට හානි විය හැකි බැවින් සැම විටම ඒවා වලක්වාගැනීමට ක්රියා කිරීමü ආහාර පාන වල ඇති සීනි, ලුණු, තෙල් හා කෘත්රීම රසකාරක ආදී ද්රව්ය පරිභෝජනය අවම කරගැනීමü සැම විටම උසට සරිලන බව පවත්වාගෙන යාමü ඇන්ජියෝග්රෑම් හා IVP පරීක්ෂණ වලට පෙර Serum Creatinine පරීක්ෂණය කර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමü ඔබ නිරෝගී අයෙකු නම් දිනකට පිරිසිදු පානීය ජලය ලීටර් 2.5 – 3 පානය කරන්නü ශරීරයේ තිබෙන දීර්ඝකාලීන ලෙඩ රෝග නිසි ලෙස වෛද්‍ය උපදෙස් ඇතිව පාලනය කිරීම
ඔබ
සිහිතබා ගත යුතු කරැණක් වන්නේ දියවැඩියාව සහ අධිරැධිර පීඩනය සදහා වෛද්‍යවරැන් නියම
කරන ඖෂධ වලින් වකුගඩු වලට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි
ලක්බිම
පුවත්පතේ පළවූ
වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතාගේ ලිපියක්
ඇසුරිනි.
No comments:
Post a Comment