රස වෙසින් එන ක්ෂණික නූඩ්ල්ස් මාරයා..!
ක්ෂණික නූඩ්ලස් අද බොහෝ දෙනාගේ ආහාර වේල
පිරිමසින ජනප්රිය ආහාරයක් බවට පත් වී තිබේ. නූඩ්ලස් රසකාකරකය ඒ පැකට්ටුවේම තියන
නිසා එය පිළියෙල කිරිම ඉතා පහසුය. ඉක්මනින්ම ආහාරයට ගත හැක. මිලෙන් ද අඩුය. මේ
කරැණු හේතුකොටගෙන අද බොහෝ දෙනා ආහාර වේල් පිරිමසා ගැනිමට ක්ෂණික නූඩ්ලස් පරිභෝජනයට
ගනිත. මෙයින් ඔබේ කුසගින්න ඉක්මනින්ම නිවාගත හැක බැව් සැබෑය. නමුත් මේ ක්ෂණික
නූඩ්ලස් පරිභෝජනයට ගැනීමෙන් ඔබට සිදු වන හානීය අතිමහත්ය. මේ ඒ පිළිබදව ඔබව දැනුවත්
කිරීමට ගන්නා උත්සාහයක් ය.
ක්ෂණික නූඩ්ලස් සංස්කෘතිය ඉතා ප්රචලිත
කොරියාවේ 2007 – 2009 තුල ජාතික සෞඛ්‍ය හා පෝෂණ අධ්‍යයනයක ප්රතිපල The Journal
of Nutrition සගරාව මගින්
ප්රකාශයට පත් කරන ලදි.
ක්ෂණික නූඩ්ලස් ආහාරයට ගැනීම නිසා
කාන්තාවන්ට සිදුවන හානිය අතිමහත්ය. සතියට දෙවතාවක් ක්ෂණික නූඩ්ලස් අනුභව කරන
කාන්තාවන් හට පරිවෘත්තීය සහලක්ෂණය නම් රෝගය ඇති වීම බෙහෙවින් ඉහළ නැංවෙන බව මෙයින්
සොයා ගන්නා ලදි. පරිවෘත්තීය සහලක්ෂණය යනු එසේ මෙසෙ රෝගයක් නොවේ. එය ජීවිතය
නිසැකෙයෙන්ම අවධානමේ හෙලන පහත සදහන් රෝග වල එකතුවකි.
·
අධිරැධිර
පීඩනය
·
දියවැඩියාව
·
අධික
කොලෙස්ටරෝල් සහ
·
උදරයේ මේදය
වැඩි වශයෙන් තැන්පත් වීම
ඉහත රෝග වැළදීම නිසා හෘදයාබාධ, දියවැඩියාව
සහ අංශභාගය වැනි දිවිය පුරා පවතින රෝග රෝග වලට නතුවීමේ අවදානම ඉහළ යයි.
ඉහත අධ්‍යයනයේ ප්රධාන සමායෝජක අචාර්ය හුවාං
ජුන් ෂිං පවසන ආකාරයට පිරිමින්ට නූඩ්ලස් පරිභෝජනයෙන් වැළදෙන රෝග වලට අවාදානමකට ලක්
නොවන්නේ පිරිමින් සහ ගැහැණුන් අතර තිබෙන ජෛව විද්‍යාත්මක වෙනස්කම් නිසා කියාය.
විශේෂයෙන්ම කාන්තාවන්ගේ ලිංගික හෝමෝන වල ක්රියාකාරිත්වය ඇගේ මේ ඉහළ නැංවෙන බෝ නොවන
රෝග අවදානමකට දායකත්වයක් සපයයි.
ක්ෂණික නූඩ්ලස් අසුරන්නේ ස්ටයිරෝෆෝම්
ඇසුරැමකය.මෙහි ආකර්ශනීයභාවය තිබුනත් මෙම ඇසුරැම ඔබේ මාරය සැගව ඇති ඇසුරැමක්
කිවුවොත් නිවැරදි වේ. මන්ද, මෙම ඇසුරැමෙයි බිස්ෆැනෝල් A නම් රසායනකික අන්තර්ගත
නිසාය.
ක්ෂණික නූඩ්ලස් පෝෂණවේදින්ගේ ගර්හාවට ලක්වෙන්නේ ඇයි?
ක්ෂණික
නූඩ්ලස් මිනිස් පරිභෝජනයට ගන්නා ජනප්රිය ආහාර අතර අතිශයින්ම පිරිපහදුවට ලක් කරන ලද
ආහාරය වේ. තිරිගු ධාන්‍යය පිටි බවට පත් කිරීම අධිතාක්ෂණික ක්රියාවලියක් ය. එහි
පෝෂ්‍යදායි කොටස් වෙනමම පිරිපහදු වන්නේය. අනවශ්‍ය කොටස් කිසිවක් අපතේ නොයවයි. ඒවා
නිරන්තරයෙන්ම වෙනත් ආහාර නිෂ්පාදනය සදහා යොදගන්නා අමුද්රව්‍ය බවට පත් කරනු ලබයි.
තිරිගු පිටි වර්ගීකරණයේ දි අතිශයින්ම පෝෂ්‍යදායි කොටස් සුරැකිව පිරිපහදු කිරීමෙන්
අනතුරැව ඉතිරිවන රොඩ්ඩ හදුන්වනු ලබන්නේ
“මයිඩා පිටි“ යනුවෙනි. ඒ අනුව මෙම ක්ෂණික නූඩ්ලස් නිෂ්පාදනය කිරීම සදහා යොදා ගනු
ලබන්නේ මයිඩා පිටි හෙවත් රොඩු පිටි වේ. මෙම මයිඩා පිටි සුදු පැහැයෙන් යුක්ත
අතර ශූන්‍ය කැලරික පිටි වර්ගයක් ලෙස
හදුන්වනු ලබයි.
ඒ හැරැණු විට අනතුරැදායක මේදය , වැඩිපුර
ගැනීම නුසුදුසු යැයි සැලකෙන සෝඩියම් මූලද්රව්ය හැරැණු විට ආහාර සංරක්ෂකකාරක,
වර්ණකාරක සහ ආකලන වැනි විෂ රසායන රැසකින් ක්ෂණික නූඩ්ලස් සමන්විත වන්නේය. මේ
සියල්ල එකවිට ගත් විට නව්‍ය පෝෂණවේදයේ නුසුදුසු යැයි සැළකෙන සියලුම අංගෝපාංග
කැටිකරගත් ඉතාම අයෝග්‍ය ආහාරයක් ලෙස ක්ෂණික නූඩ්ලස් අවිවාදයෙන්ම හැදින්විය හැක.
ක්ෂණික නූඩ්ල්ස් වල තිබෙන ඉතාම අහිතකර
රසායනික වර්ග වලින් එකක් වන්නේ Monosodium Glutamate –MSG (සාමාන්‍ය ව්‍යවාහාරයේ හදුන්වන අජිනෝමොටෝ)
ය. මෙය මිනිස් සෞඛ්‍යයට අතිශයින් අහිතකර රසායනයකි. එසේම පෙට්රොලියම් කර්මාන්තයේ දී
අතුරැඵලයක් ලෙස නිෂ්පාදනය වන Tertiary – butyl hydroquinone (TBHQ) ද මෙම ක්ෂණික නූඩ්ලස් නිෂ්පාදනයට යොදා ගනී. මේ
රසායනික ද්රව්‍ය මිනිස් සෞඛ්‍යයට සිදු කරන දැඩි හානිය සම්බන්ධව බොහෝ පර්යේෂණ සිදු
කොට කර ඇති නමුදු මේවා ක්ෂණික නූඩ්ලස් නිෂ්පාදනයට නැතුවම බැරි මූලිකාංග බවට පත් වීම මිනිස් සංහතියේ දැඩි
අවාසනවකි . එමගින් ඔබට පැහැදිලි වන්නේ මෙම ක්ෂණික නූඩ්ලස් වල ඇති අතිශය භයංකර බව
නොවේද ?
නිෂ්පාදනයට යොදා ගන්නෙ අතිශය අහිතකර තෙල් වර්ගයන්ය
වානිජමය වශයෙන් නිෂ්පාදනය සැකසු ආහාර
කර්මාන්තයේ දී යොදාගන්නේ සංතෘප්ත මේදය සහ ට්රාන්ස් මේදයයි. මෙම මේද වර්ග මේද වර්ග
වර්ගීකරණයේ දී අයත් වන්නේ ආහාරයට ගැනීමට නුසුදුසු තෙල් වර්ග ලෙසය. වඩා සුදුසු තෙල්
වර්ග ලෙස හදුන්වන්නේ ඒකල සංතෘප්ත මේදය සහ බහුසංතෘප්ත මේදය යි. මෙසේ අන්තර්ගත කරනු
ලබන සංතෘප්ත මේදය සහ ට්රාන්ස් මේද යන තෙල් වර්ග හරහා ද මෙම ක්ෂණික නූඩ්ලස් අනුභව
කිරීමෙන් ඔබට ඇති වන අහිතකර බලපෑම් තව තවත් විග්රහ කල යුතු නොවේ.
එසේම ක්ෂණික නූඩ්ලස් නිෂ්පාදනය සදහා ඉතා
විශාල වශයෙන් කෘත්රිම රසායනික ද්රව්‍ය එක් කරනු ලබයි. එසේ එකතු කරනු ලබන රසායනික
ද්රව්‍ය පහත පරිදි දැක්විය හැක. Acid regulators, Flavor enhancers, Thickeners,
Humectants, Colors, Stabilizers, Anti – oxidants, Emulsifiers, Flour treatment
agent, Preservatives and anti – caking agent. මේ ආකාරයට
කෘත්රීම රසායනික ද්රව්ය රාශියකින් සමන්විත ආහාරයක්,
ඔබ ගුණාත්මක ආහාරයක් යැයි සළකන්නේ කෙසේද ?
ක්ෂණික නූඩ්ලස් අනුභවයෙන් ශරිරයේ සෝඩියම් සංයුතිය ඉහළ යයි
සෝඩියම් අධිරැධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය සහ වකුගඩු හානියට පත් වීම ආදී තර්ජන රැසකට හේතුවන රසායනයකි. ක්ෂණික නූඩ්ලස් වල සෝඩියම් අන්තර්ගත කරනු ලබන්නේ අධිමාත්රා වලිනි. නූඩ්ල්ස් පිරිනැමීමක සෝඩියම් මිලිග්රැම් 830 ක්
පමණ ඇති බව හදුනාගෙන තිබේ. මේ අනුව පුරැද්දක් විදියට නූඩ්ලස් අනුභව කරන්නේ නම් අධිමාත්රාවෙන් ශරීරයට සෝඩියම් ශරීරගත වීම සිදු වේ.
2011 වර්ෂයේ දී පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් සොයා
ගනු ලැබූවේ ක්ෂණික නූඩ්ලස් ජීර්ණය විමට ඉතා වැඩි කාලයක් ගන්නා බවයි. මෙහිදි සිදු
කරන ලද්දේ සාමාන්‍ය නූඩ්ල්ස් සහ ක්ෂණික නූඩ්ල්ස් අනුභවයට සල්සවා ආමාශගත කැමරාවක්
මගින් එහි ජීර්ණය පිළබදව නිරික්ෂණ ලබා ගැනීමයි. සාමාන්‍ය නූඩ්ල්ස් සාමාන්‍ය ආහාර
ලෙස ජීර්ණය සිදු වූ අතර පැය 2 ක් ගත වුවද අමාශයට ක්ෂණික නූඩ්ල්ස් ජීර්ණය කිරීමට
නොහැකි විය.
මෙමගින් පැහැදිලි වූයේ ක්ෂණික නූඩ්ල්ස් ශරීර ජීර්ණක ක්රියාවලියට අධික
බරක් එක් කරන බවයි. එය දිගු කාලයක් තිස්සේ ආහාරය නියමිත පරිදි ජීර්ණය නොකරමින්
ජීර්ණක මග ක්ර්යාවලියේ සුමට භාවයට සුමටභාවයට බාධා ගෙන දෙයි. කලින් සදහන් කරන
ලද TBHQ රසායනිකය නිසා ක්ෂණික නුඩ්ල්ස්
ජීර්ණය වීමට මේසා කාලයක් ගන්නා බව පර්යේෂකයින් විසින් මෙහිදී සොයා ගන්නා ලදි.
එමගින් පැහැදිලි වන්නේ ක්ෂණික නුඩ්ල්ස් ක්ෂණිකව සකස් කරගත හැකි වුවත් ක්ෂණිකව
ජීර්ණ නොවී ජීර්ණ ක්ර්යාවලියටද බාධා පමුණුවන බවයි.
වෙළද සැල් වල දිගු කාලයක් අලෙවි වන නිෂ්පාදනයක්
අනෙකුත් ආහාර වලට සාපේක්ෂව ක්ෂණික නූඩ්ලස් දිගු කාලයක් තිස්සේ වෙලදසැල් වල
කල් තබාගෙන විකුණන භාණ්ඩයකි. ආහාර නම් කෙටිකාලයක් තුල පරිභෝජනයට ගත යුත්තකි. දීර්ඝ
කාලයක් සදහා නිපදවෙන ආහාර යනු පෝෂණ ගුණයන් අභිබවා සංරක්ෂණ ගුණාංග වැඩ වශයෙන්
අන්තර්ගත කර ඇති අහාර බව අප දැන ගත යුතුය.
ප්ලාස්ටික් කප් වල නූඩ්ල්ස් තවත් විෂ එක් කරයි
විවිධ උත්සව සහ ප්රදර්ශන අවස්ථාවන් හිදි මෙන්ම වෙළද සැල් වලදීද ප්ලාස්ටික්
කප් වලට උණු උණුවේ ක්ෂණික නූඩ්ල්ස් දමා ඔබේ රස නහර පිනා යන්නට නුඩ්ල්ස් පිරිනමනවා
ඔබ දැක ඇති. එහෙත් මෙහිදී ඉතා භයානක
ඩයොක්සින් රසායනිකය මුදා හැරෙන අතර එය ශරීරයට විෂකාරක බැව් ඔබ මතක තබා
ගන්න.
ක්ෂණික නූඩ්ල්ස් වල ඉටි තවරා ඇති බව ඔබ දන්නෙහි ද?
ක්ෂණික
නූඩ්ල්ස් එකිනෙකට ඇලිම නවත්වා ගැනීම ස‍්දහා ඉටි වර්ගයක් තවරා ඇත. ක්ෂණික නූඩ්ල්ස්
නටන උණු වතුරට එක් කල පසු වතුර මත මෙම ඉටි පාවෙනවා ඔබටම නිරික්ෂණය කල හැක.
වටිනා ඉදුරන් විනාශ කරන තවත් රසායනික අන්තර්ගතයි
ක්ෂණික
නූඩ්ල්ස් වල තෙතමනය පවත්වාගැනීම සදහා humectant කාණ්ඩයේ රසායනිකයක් වන
propylyne glycol ඊට එකතු කරනු ලබයි. මේවා සෘජුවම ශරීරයට අවශෝෂණය වන අතර හෘදය,
වකුගඩු සහ අක්මාවේ මේවා තැන්පත් වේ. මේ propylyne
glycol රසායනය මගින් ඔබේ ශරීරයේ ප්රතිශක්තීකරණ හැකියාව දුර්වල කරනු ලබයි.
ලෝක
සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ නිවැරද ආහාර අනුභවයෙන් අපට පිළිකා අවදානමෙන් 30% කින්ම පහසුවෙන් මිදිය හැකි බවයි. එම නිසා ඔබ ඔබේ
දරැවාට නිරෝගී ජිවියක් ලබා දිය යුතුනම් ඔබේ දරැවා ක්ෂණික නූඩ්ල්ස් මාරයාගෙන් ඈත්
කර තැබිය යුතු බැව් අවසානයේ ලියා තබමි.
No comments:
Post a Comment