පොල්
තෙල් ඔබේ හිසට ගැල්විය හැකි අනගිම ශීර්ෂ සත්කාරයයි. විශේෂයෙන්ම ලාංකිකයන් වගේම
ඉන්දියානු ලලනාවන් හිස කෙස් සත්කාරකයක් ලෙස පොල් තෙල් බහුලවම යොදා ගනි. මුදල් දි
වෙනමම කන්ඩිෂනර් ලබා ගැනීමට ඔබට අවශ්‍ය නැත. මන්ද පොල්තෙල් යනු හොදම ස්වභාවික
කන්ඩිෂනර් වේ. පොල් තෙල් ගා හිස සම්භාහනය කිරීමෙන් ඔබට ලැබෙන යහගුණය මෙසේ දැක්විය හැක.
- කෙස් ගසේ ප්රෝටීන ක්ෂය වීම පොල් තෙල් මගින් වළකනු ලබන නිසා එමගින් ඔබේ හිස කෙස් ඝන ට වැඩේ.
- කලුවන් දිගු දිදුලන වරලසක් ඔබට ලබා ගත හැකි
- පොල් තෙල් මගින් කෙස් ගසෙහි හානි පූරණයට අවශ්‍ය ප්රෝටීන සැපයීම මගින් කෙස් ගස් වල වන හානි පූරණය කරයි
- පොල් තෙල් ගා හිස සම්භාහනය කිරීම මගින් හිස් හොරි මර්ධනය වෙයි.
- පොල් තෙල් සත්කාරය නිතරම ඔබේ හිසට ලබා දීමට හැකි නම් කෙතරම් වියළි හිසක වුවද උකුණන් සහ ලේඩින් වර්ධනය වීම වලක්වා ගත හැක.
ගෙදර
සිද ගත් හෝ වෙළදපොලෙන් මිලදී ගත් ඉතා පිරිසිදු පොල් තෙල් හිසේ ගැල්වීමට වග බලා
ගන්න. එසෙම් පොල් තෙල් හිසට දමා ඇගිලි තුඩු වලින් විනාඩි කීපයක් සම්භාහනය කිරීම
තුළින් වඩා හොද ප්රතිඵල ඔබට ඉක්මනින් ලබා
ගත හැක.
No comments:
Post a Comment