මුරැංගා වල ගුණ
ආයුර්වේදයේ
මුරැංගා වලට ලබා දි ඇත්තේ ඉතා වටිනා ස්ථානයකි. මෙහි පොතු,මුල්, බීජ, ප්රධාන වශයෙන්
ඖෂධ පිණිස යොදා ගනී.
සිරැරේ
ඇති වන වාතය නිසා කැක්කු සහ වේදනාව ඇති කරයි. මුරැංගා ආහාරයට ගැනීමෙන් එම
තත්ත්වයන් නැතිකර ගත හැකිය. පණු රෝග සුව කිරීමේ හැකියාවද මුරැංගා සතු වේ. මුරැංගා
හොද වේදනා නාශකයක් වේ. ආතරයිටිස් වැනි සන්ධි රෝග සදහා ද ගුණදායකය.
සතියට දෙතුන්
වරක් මුරැංගා ආහාරයට ගැනීමෙන් ගෙවී යන සන්ධි ආරක්ෂා කරගත හැකිය. මුරැංගා මදයේ
තන්තු හා ඛණිජ ලවන බහුලය. පෝෂ්‍යදායි බවින් වැඩිය. එම නිසා සිරැරේ දුර්වල වීම්,
ගෙවී යාම් සමග ඇති වන රෝග සුවපත් කරගැනීමට උපකාරී වේ.
මුරැංගා
මදයේ කාම උත්තේජක ගුණයක් පවතී. පිරිමින්ගේ ශුක්රාණු මට්ටම ඉහළ නැංවීමට ද උපකාරී
වේ. එමනිසා දරැවන් බලාපොරෝත්තු වන අය සතියයකට දෙතුන් වතාවක් කිරි දමා ව්‍යාංජයනයක්
ලෙස මුරැංගා ආහාරයට ගැනීම වැදගත් වේ.
මුරැංගා
හොද පණු රෝග නාශකයක් ද වේ. එම නිසා දරැවන්ට වරින් වර ලබා දීමෙන් එම තත්ත්වයන්ගෙන්
වළක්වාගත හැක. අක්මාටද හිතකරය. බඩගින්න වැඩි කරයි.
මුරැංගා ආහාරයක් ලෙස සකස් කල හැකි විවිධ ක්රම
බහුලවම
ආහාරයක් ලෙස යොදාගන්නේ මෙම ශාකයේ කරල්ය. එම කරල් කෑලි කපා පොල්කිරි යොද් සාදන
හොද්ද ලංකාවේ ජනප්රියම කෑමක් වේ. නමුත් මුරැංගා විවිධ ආකාරයෙන් ආහාරයට ගත හැක.
මුරැංගා
මිශ්ර එළවලුවක් ලෙස සකස් කර ගැනීමටද හැක. එමගින් එහි ඇති උෂ්ණාධික බව නැති කර
ගැනීමටද හැක. දමිළ ජාතිකයින් වම්බටු, අර්තාපල්, මෑ කරල්, වට්ටක්කා, තක්කාලි ආදිය
භාවිතා කරමින් මිශ්ර එළවලුවක් සාදා ගෙන තොසේ, පිට්ටු, ඉට්ලි, වැනි ද්රව්ය සමග
ආහාරයට ගන්නේ එනිසාය. තරමක් පැසුණු මුරැංගා මදය හාල් මැස්සන් සමග තෙලෙන් බැදගත්
විට රසවත් ආහාරයකි.
මුරැංගා
කොළ ඉතා රසවත් මැල්ලුමක් ලෙස සාදා ගත හැක. එය ඉතා පෝෂණ ගුණයෙන් පිරි පලාවර්ගයකි.
එහි කැල්සියම්, මැග්නීසියම්, යකඩ, සින්ක්, හා පොස්ෆරස් ආදි වැදගත් සංයෝගයන්ගෙන්ද
සමන්විත වේ.
විශේෂයෙන්ම නීරක්තිය මන්දපෝෂණය වැනි රෝග ඇති දරැවන්ට මෙම පලා වර්ගය
නිතර ලබා දීමෙන් එම තතත්ත්වයෙන් ඔවුන් මුදා ගත හැක. දරැවන් පලාවක් ලෙස එය ආහාරයට
ගන්නට අකමැති නම් එලවලු බතක් ලෙස එය පිලියෙල කර ගන්නත් පුලුවනි.
තවද
මුරැංගා කොළ පවනේ වේලා ගෙන කුඩුකර ගෙන ආහාර ලබා දෙන විට තේ හැන්දක් දෙක්ක පමණ
මිශ්ර කරන්න. මැල්ලුමක් ලෙස සකස් කරන විට තරමක් පොල් වැඩියෙන් එකතු කිරීමෙන් පණු
රෝග වලින් ආරක්ෂා වීමට හැක.
දැල්ලන්,
ඉස්සන්, කකුලුවන් ගෙන වෑංජන සාදන විට මුරැංගා පත්ර මිශ්ර කරගනීමෙන් එවායේ අධික
ඌෂ්ණගතිය අඩු වන අතර රසයද වැඩි වේ. මුරැංගා පොතු ආහාර රසය වැඩි කිරීමට මිශ්ර කර
ගැනීමට හැකිය.
අජීර්ණය
වැනි රෝග වලදී ඇති වන අරැචිය නැති කර ගැනීමට තැම්බුන් හොද්දක් සාදා ගනිති. එය සාදා
ගන්නේ කොත්තමල්ලි, සූදුරැ, මහදුරැ, ගොරකා, කුරැදු පොතු, ගම්මිරිස්, කරපිංචා, ලුණු
සමග මුරැංගා පොතු කැබැල්ලක් හොදින් මිරිස් ගලේ අඹරා ජලය දමා පිස ගැනීමෙනි. එම
තැම්බුන් හොද්ද බීමට හෝ බත් සමග ආහාරයට ගත හැක. මුරැංගා පොතු වල තිබෙන බැක්ටීරියා
නාශක ගුණය නිසා උදරයේ පවතින මෙන් ආසාදන තත්ත්වයන් වැළකී යයි.
මවක් දරැ ප්රසූතියෙන්
පසුව ලබා දෙන හොද්ද සදහාද, මුරැංගා පොතු එකතු කිරීම අනිවාර්ය වේ.
No comments:
Post a Comment